31 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsතියුණු ආයුධවලින් පහර දී දෙදෙනෙක් මරාදමලා

තියුණු ආයුධවලින් පහර දී දෙදෙනෙක් මරාදමලා

එරාවුර් පොලිස් වසමට අයත් මිච්චිනගර් ප්‍රදේශයේ නිවසක් තුළදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

ඊයේ (06) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති අතර මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එරාවුර්, මිච්චිනගර් ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි අයෙකු බවයි අනාවරණ වී ඇත්තේ.

මේ අතර ඊයේ පස්වරුවේ හංවැල්ල පොලිස් වසමට අයත් තුම්මෝදර කුමාරි ඇල්ල වෙත යමින් සිටි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

එම පහරදීමෙන් මියගොස් ඇත්තේ වරකාපොල, නැව්ගල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම ඝාතනවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.