32 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentරිය අනතුරකින් ගැබිණි මවක් ජීවිතක්ෂයට

රිය අනතුරකින් ගැබිණි මවක් ජීවිතක්ෂයට

ගාල්ල -කොළඹ මාර්ගයේ ඊයේ (06) සිදු වූ රිය අනතුරකින් ගැබිණි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 32 හැවිරිදි හොරෙයිතුඩුව, කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි ගැබිණි කාන්තාවක්.

ලොරි රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

කොළඹ – ගාල්ල මාර්ගයේ ඕ.එල්.වී. විදුහල් හන්දිය අසළදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

මෙම අනතුරින් යතුරුපැදියේ ගමන් ගත් ගැබිණි කාන්තාව සහ කුඩා දැරියක් බරපතල තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහිදීටි මෙම කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

ලොරි රථයේ රියදුරු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.