27.2 C
Colombo
Friday, August 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකාවට ඉතිහාසගත ජයක්

ශ්‍රී ලංකාවට ඉතිහාසගත ජයක්

සංචාරක ඉන්දියාවට එරෙහිව පැවැත්වූ තුන්වන එක්දින තරගයේ දී ලකුණු 110ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (07) සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව එක්දින තරගාවලියක් ජයග්‍රහණය කළේ වසර 27කට පසුව වීම විශේෂත්වයක්.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 248ක් ලබා ගැනීමට සමත් වුණා.

ඉන්දියානු කණ්ඩායම පන්දුවාර 26යි එක් පන්දුවක් අවසානයේ කඩුලු සියල්ල දැවී ලකුණු 138ක් පමණක් රැස් කළා.

අවිශ්ක ප්‍රනාන්දු සහ පැතුම් නිස්සංක පළමු කඩුල්ල සඳහා ලකුණු 89ක විශිෂ්ඨ සබඳතාවක් ගොඩනැගුවා.

පැතුම් නිස්සංක ලකුණු 45ක් හා අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 96ක් රැස් ක්ළා.

ඉන්දීය කණ්ඩායම ලකුණු 73කදී කඩුලු 5ක් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වුණා.