30 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅත්‍යාවශ්‍ය ආහාර කිහිපයක මිල පහළට

අත්‍යාවශ්‍ය ආහාර කිහිපයක මිල පහළට

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ලංකා සතොස ආයතනය විසින් අඩු කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය පවසන්නේ කීරි සම්බා, සුදු සීනි, ආනයනික අර්තාපල්, සුදු කව්පි, ආනයනික ලොකු ළුෑණු, මුං ඇට, රතු කව්පි, රතු පරිප්පු, වියළි මිරිස්, හාල් මැස්සන්, දේශීය සුදු කැකුළු හා කඩලවල මිල මෙලෙස පහළ දමා ඇති බවයි.

ඒ අනුව රුපියල් 260ක්ව පැවති කීරි සම්බා කිලෝවක් රුපියල් 248ක් දක්වා අඩු කර ඇති අතර ආනයනික අර්තාපල් කිලෝවක් රුපියල් 45කින් පහත දමා තිබෙනවා. එහි නව මිල වන්නේ රුපියල් 230ක් ලෙසයි.

සුදු සීනි කිලෝවක් රුපියල් 9කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 249ක්.

මීට අමතරව සුදු කව්පි රුපියල් 42කින්, ආනයනික ලොකු ළුෑණු, මුං ඇට, රතු කව්පි කිලෝවක මිල රුපියල් 30කින් අඩුකර ඇති අතර රතු පරිප්පු කිලෝවක් රුපියල් 10කින් පහත දමා තිබෙනවා.