32 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දීය ධීවරයින් 35 දෙනෙක් නාවික හමුදා භාරයට

ඉන්දීය ධීවරයින් 35 දෙනෙක් නාවික හමුදා භාරයට

මෙරට මුහුදු තීරයේ අනවසරෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 35 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදීයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහිදී අනවසරෙන් මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රා හතරක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් කල්පිටිය නාවික නෞකා විජය ආයතනය වෙත රැගෙනවිත් ඇති අතර ඉදිරි නීතිමය කටයුතු සඳහා ඔවුන් කල්පිටිය ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිත බවයි නාවික හමුදාව පවසන්නේ.