24.5 C
Colombo
Thursday, August 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋපාධිධාරීන්ගේ රැකියා ප්‍රශ්නය විසඳනවා - අනුර

උපාධිධාරීන්ගේ රැකියා ප්‍රශ්නය විසඳනවා – අනුර

ජාතික ජන බලවේග රජයක් යටතේ රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලුවට නිසි විසඳුම් ලබාදෙන බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

හෙතෙම මේ බව සඳහන් කළේ රැකියා විරහිත උපාධිධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදීය.

ගුරු පුරප්පාඩු රට පුරා පවතින ප්‍රධාන ගැටලුවක් බව පෙන්වා දුන් අනුර කුමාර දිසානායක කියා සිටියේ මේ වන විට රැකියා විරහිත උපාධිධාරීන් 35,000ක් සිටින බවයි.

රේගු දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සහ සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත රැකියා පුරප්පාඩු පිරවීමට කටයුතු කරමින් සිටින බවද ඔහු එහිදී දැනුම් දුන්නා.

ඒ අනුව රැකියා විරහිත උපාධිධාරීන් කෙරෙහි මූලික අවධානය යොමු කරමින් එම පුරප්පාඩු පිරවීමට තම රජය යටතේ කටයුතු කරන බවට ඔහු ප්‍රතිඥාවක ලබා දීම විශේෂත්වයකි.