28.4 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගසකට යට වී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ගසකට යට වී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ගසක් කපමින් සිටි පුද්ගලයෙක් එම ගසටම යට වී ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් හල්පේ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අප වාර්තාකරු පැවසුවේ බලංගොඩ, හල්පේ ප්‍රදේශයේ ගසක් කපමින් සිටි පුද්ගලයෙකු ඊයේ (08) සවස එම ගසට යට වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හල්පේ ප්‍රදේශයේ පදිංචිව සිටි වයි. ජී. ධර්මදාස නමැති 61 හැවිරිදි වියෙහි පසුවන අයෙක්.

මියගිය පුද්ගලයා ගසක් කපා කඹයකින් එය අදිමින් සිටි අවස්ථාවේදී අදාළ ගස ඔහුගේ ශරීරය මතට ඇද වැටී මෙම මරණය සිදුව තිබෙනවා.

සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බලංගොඩ මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සමනල වැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.