29 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඩිජිටල් තිර භාවිතයෙන් දරුවන්ගේ මොළයේ වර්ධනයට බාධා

ඩිජිටල් තිර භාවිතයෙන් දරුවන්ගේ මොළයේ වර්ධනයට බාධා

වයස අවුරුදු දෙකට අඩු දරුවන්ට ඩිජිටල් තිර භාවිත කිරීමට ඉඩදීම නුසුදුසු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ විශේෂඥ වෛද්‍ය ඉනෝකා වික්‍රමසිංහ පවසනවා.

ඩිජිටල් තිර භාවිතය හේතුවෙන් දරුවන්ගේ මොළයේ වර්ධනයේ වේගයට බලපෑම් එල්ල වන බවයි ඇය පෙන්වා දුන්නේ.

බොහෝ දෙමවුපියන් තමන්ගේ කාර්යබහුලත්වය හේතුවෙන් තමන්ගේ වැඩ පහසු කරගැනීම සඳහා දරුවන්ට ජංගම දුරකථන ලබාදීම වර්තමානයේ දක්නට ලැබෙන සුලබ කරුණක්.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ ජංගම දුරකථන අඛණ්ඩව භාවිත කිරීමේදී දරුවන්ගේ මානසික තත්ත්වයට අහිතකර බලපෑම් ඇති වන බවයි.