32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsතැපැල් ඡන්ද අයදුම් කිරීමේ අවසන් දිනය අදයි

තැපැල් ඡන්ද අයදුම් කිරීමේ අවසන් දිනය අදයි

එලැඹෙන ජනාධිපතිවරණය සඳහා ඡන්ද දායකයින්ට තැපැල් ඡන්ද අයදුම් කිරීම සඳහා ලබා දී ඇති කාලය අදින් (09) අවසන් වනවා.

මැතිවරණ කොමිසම මීට පෙර දැනුම් දී තිබුණේ තැපැල් ඡන්ද අයදුම් කිරීම සඳහා ලබා දී ඇති කාලය අගෝස්තු මස 05 වැනිදායින් අවසන් වන බවයි.

කෙසේනමුත් කරුණු කිහිපයක් සලකා බැලීමෙන් අනතුරුව අගෝස්තු මස 05 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබූ එම කාලය තවත් දින කිහිපයක් දීර්ඝ කිරීමට මැතිවරණ කොමිසම තීරණය කළා.

ඒ අනුව 2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සඳහා මෙතෙක් ඉල්ලුම් කිරීමට නොහැකි වූ අයදුම්කරුවන් අද දිනය අවසන් වීමට පෙර තමන්ට ආසන්නතම මැතිවරණ බල ප්‍රදේශයේ දිස්ත්‍රික් කාර්යාලවලට ගොස් ඉල්ලුම්පත් භාරදෙන ලෙස මැතිවරණ කොමිසම පවසනවා.

එමෙන්ම මැතිවරණ කොමිසම අවධාරණය කළේ මෙතෙක් අයදුම් කිරීමට නොහැකි වූ අයදුම්කරුවන් හට තැපැල් ඡන්ද අයදුම්පත් තැපෑලට යොමු නොකර අතින් ගොස් භාරදෙන ලෙසයි.