― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsබීඩි කොළ කිලෝ 689ක් නාවික හමුදා භාරයට

බීඩි කොළ කිලෝ 689ක් නාවික හමුදා භාරයට

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ප්‍රවාහනය කිරීම සඳහා ලොරි රථයකට පටවමින් තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් 689ක තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පුත්තලම, එරඹුගොඩැල්ල වෙරළ ප්‍රදේශයේ අද (09) දින අලුයම් කාලයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී යි මෙම බීඩි කොළ තොගය සොයාගෙන ඇත්තේ.

එහිදී ලොරි රථයක්, ඩිංගි යාත්‍රාවක් සහ සැකකරුවෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 43 හැවිරිදි වියෙහි පසුවන කල්පිටියේ පදිංචිකරුවෙක්.

සැකකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා වයඹ පළාත් සුරාබදු විශේෂ ඒකකය වෙත භාරදීමට නියමිතයි.