23.4 C
Colombo
Saturday, July 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමනූෂ හා හරීන් සජබෙන් ඉවත් කිරීම නීත්‍යානුකූලයි

මනූෂ හා හරීන් සජබෙන් ඉවත් කිරීම නීත්‍යානුකූලයි

හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීත්‍යානුකූල බව මහාධිකරණය තීන්දු කර තිබෙනවා.

මොවුන් දෙදෙනාගේ පක්ෂ සාමාජිකත්වය පසුගිය වසරේ මැයි 20 වැනිදා අහෝසි කරනු ලැබුවා.

ඒ ඔවුන් දෙදෙනා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබාගැනීම හේතුවෙන්.

ඉන් අනතුරුව හරින් ප්‍රනාන්දු සංචාරක හා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙසත් මනූෂ නානායක්කාව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යවරයා ලෙසත් පත් කරනු ලැබුවා.

කෙසේනමුත් සමගි ජන බලවේගයෙන් සිය පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එරෙහිව මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු මහාධිකරණයට පෙත්සමක් ගොනු කළා.

ඒ සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලමින්.

එම පෙත්සම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද විභාගයට ගත් අවස්ථාවේදී සමගි ජන බලවේගයේ තීරණය නීත්‍යානුකූල බවට තීන්දු කර අමාත්‍යවරුන් දෙදෙනාගේ පෙත්සම නිෂ්ප්‍රභ කෙරුණා.