26.1 C
Colombo
Monday, August 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමම නිර්පාක්ෂිකව ඉල්ලන්නේ ජනතාවගේ කුසගින්න නිවා දැමීමටයි - ජනාධිපති

මම නිර්පාක්ෂිකව ඉල්ලන්නේ ජනතාවගේ කුසගින්න නිවා දැමීමටයි – ජනාධිපති

තමා ජනාධිපතිවරණයට නිර්පාක්ෂිකව ඉදිරිපත් වූයේ රටේ ජනාතාවගේ කුසගින්න නිවා දැමීමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

අද (09) කොළඹදී පැවති ‘කාන්තා අපේ බලය’ ජාතික කාන්තා සමුළුවේදී අදහස් දක්වමිනුයි ජනාධිපතිවරයා මේ සඳහන් කළේ.

ශ්‍රී ලංකාව තුළ පුරුෂයන්ට හිමි අයිතිවාසිකම්වලට සමාන වන අයුරින් කාන්තා අයිතිවාසිකම් ද සවිබල ගැන්වීමට සහ ආරක්ෂා කිරීමට කටයුතු කරන බවට ජනාධිපතිවරයා එහිදී ප්‍රතිඥාවක් ද ලබා දුන්නා.

අපි මේ වැල් පාලමේ ගමන් කළේ ඉතාම අසීරුවෙන් බව පැවසූ ජනාධිපතිවරයා කියා සිටියේ වැල් පාලමෙන් එතෙර වීමට නම් අපට තවත් බොහෝ දුරක් යා යුතුව ඇති බවයි.

තමා කාන්තාවන්ට පමණක් නොව දූ දරුවන්ටත් හොඳ රටක් නිර්මාණය කරන බවත් දරුවන්ට හොඳ අනාගතයක් ගොඩ නගා දීමට නම් අපි සැවොම පාට, පක්ෂ භේද පසෙකලා එක්ට එක්විය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළා.