29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමැතිවරණ සමයේදී සමාජ මාධ්‍ය ගැන විශේෂ අවධානයක්

මැතිවරණ සමයේදී සමාජ මාධ්‍ය ගැන විශේෂ අවධානයක්

ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා භාරගැනීමේ දිනයේදී මැතිවරණ කොමිසමේ ආරක්ෂාව සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සාකච්ඡාවක් පැවැත්වුණා.

කොළඹ දිස්ත්‍රික්කයේ ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතරයි මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ.

මේ වනවිට සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බවත් මේ හේතුවෙන් මැතිවරණ කාල සීමාවේදී විශේෂ අවධානයක් සමාජ මාධ්‍ය සඳහා ‍යොමු කර ඇති බවත් මැතිවරණ කොමිසමේ නියෝජ්‍ය කොමසාරිස්වරයා පවසනවා.

ඒ අනුව ජනාධිපතිවරන සමයේදී ඉන්ස්ටග්‍රෑම් සහ ටික් ටොක් සමාජ මාධ්‍ය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් එම සමාගම් සමඟ සෘජුව සම්බන්ධ වී සිටින බවත් ඔහු අවධාරනය කළා.