29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමෙරටට පැමිණි ඕමාන ජාතිකයෙක් හදිසියේම ජීවිතක්ෂයට

මෙරටට පැමිණි ඕමාන ජාතිකයෙක් හදිසියේම ජීවිතක්ෂයට

මෙරටට පැමිණ සිටි ඕමාන ජාතිකයෙක් හදිසියේම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය විදේශිකයා ඔහුගේ මිතුරන් දෙදෙනෙකු සමග වෛද්‍ය ප්‍රතිකාර සඳහා මෙරටට පැමිණ ඇති අතර ඔහු පසුගියදා (07) දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කළ අවස්ථාවේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 34 හැවිරිදි අල් ජබිඩි අනි සලිම් සයිඩ් නමැති ඕමාන ජාතිකයෙකි.

ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා හා ඔහුගෙ යහළුවක් දෙදෙනා කොළඹ ප්‍රදේශයේ පිහිටි ප්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහලක දී රුධිරය මාරු කර නුවරඑළියේ සංචාරයක් සඳහා පැමිණ ආපසු කොළඹ දක්වා ගමන් කරමින් සිටියදී හදිසියේම රෝගාතුර වී තිබෙනවා.

මිතුරන් දෙදෙනා විසින් රෝගාතුර වූ තමන්ගේ මිතුරාව රෝහල්ගත කර ඇති අතර ජීවිතක්ෂයට පත් විදේශිකයාගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීමෙන් අනතුරුව සිරුර මෙරට ඕමාන තානාපති කාර්යාලය වෙත භාරදීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරීක්ෂණ සිදුකරනු ලබනවා.