27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකවුරු බලයට පැමිණියත් නැවත අරගලයක් ස්ථිරයි - දොළවත්ත

කවුරු බලයට පැමිණියත් නැවත අරගලයක් ස්ථිරයි – දොළවත්ත

කවුරු බලයට පැමිණියද මාස හයකින් නැවත අරගලයක් ඇතිවීම ස්ථීර බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත පවසනවා.

උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ නැවත අරගලයකට මුහුණ දීමට හැකියාව ඇති නායකයකු පත් කළ යුතු බවත් එසේ පත් කළ හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ පමණක් බවත්ය.

එමෙන්ම ලෝකයේ ප්‍රථම වතාවට ස්වාධීන අපේක්ෂකයෙකු ජනාධිපති වීම මෙවර සිදුවෙන බවයි ඔහු එහිදී කියා සිටියේ.

බලය ලබා ගැනීමේ අරමුණින් සෑමදාම ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කළ බවත් එසේ සිදු කළත් ඔවුන්ට බලය නොලැබීම හේතුවෙන් සැමදාම ඔවුන් කලේ රටේ ජන ජීවිතය අඩාල කිරීම බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.