32 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොළඹ වරායේ නෞකාවක ගින්නක්

කොළඹ වරායේ නෞකාවක ගින්නක්

කොළඹ වරායේ නැංගුරම්ලා තිබූ සිංගප්පූරු නෞකාවක ඊයේ (11) පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.

MSC කේප් ටවුන් 3 නමැති අදාළ භාණ්ඩ ප්‍රවාහන නෞකාව සිංගප්පූරුවේ සිට ඊයේ පස්වරුවේ කොළඹ වරායට සේන්දු වී තිබූ අතර එය ජේසීටී 4 ජැටියේ නැංගුරම්ලා තිබියදී ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පිපිරුම හේතුවෙන් යාත්‍රාවේ සියලුම මෙහෙයුම් කාර්ය මණ්ඩලය සහ සහායක කාර්ය මණ්ඩල සාමාජිකයින් වහාම ඉවත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන්නැයි වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වරාය අධිකාරියේ සභාපතිවරයාට උපදෙස් දී ඇත.

කෙසේනමුත් ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ සහයෙන් ගින්න කඩිනමින් මැඩපැවැත් වූ බවයි වරාය අධිකාරියේ සභාපති කීත් ඩී. බර්නාඩ් පැවසුවේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.