22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක්

දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක්

ඉදිරි දින කිහිපයේ දී දිවයින පුරා ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (12) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති වීමේ හැකියාවක් පවතින අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු සහ උතුරුමැද පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.