23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsබාලවයස්කාර දැරියක් සමූහ දූෂණය කළ පාසල් සිසුන් 17ක් අත්අඩංගුවට

බාලවයස්කාර දැරියක් සමූහ දූෂණය කළ පාසල් සිසුන් 17ක් අත්අඩංගුවට

තණමල්විල පාසලක 11 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පාසල් දැරියක් වසරක් පුරා දූෂණය කළ පාසල් සිසුන් 17 දෙනෙක් සහ ඊට ආධාර අනුබල දුන් කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය විසින් කළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පසුගිය වසරේ සිට අවස්ථා රැසකදී, විවිධ ස්ථානවලදී අදාළ දැරිය මෙම සිසුන් විසින් සමූහ දූෂණයට ලක් කර ඇති බවයි.

එලෙස දැරිය අපයෝජනය කරන වීඩියෝ දර්ශන සැකකාර සිසුන් විසින් ලබාගෙන එම දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදා හරින බව පවසමින් දැරිය බිය ගන්වා විවිධ ස්ථානවලට දැරිය රැගෙන ගොස් මෙම අපරාධය සිදු කර තිබෙනවා.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකාර සිසුන්ගේ දෙමාපියන් ප්‍රදේශයේ යම් සමාජ බලයක් හිමි පිරිසක් වන අතර එම නිසා මෙම සිද්ධිය යටපත් කිරීමට පාසලේ විදුහල්පතිවරයා ක්‍රියා කර තිබෙනවා.

ඊට අමතරව දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ දී එහි වෛද්‍යවරයෙකු දැරියට සහ මවට බැණ වැදී බිය වද්දවා ඇති බවයි දැරියගේ මව පවසන්නේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසියට සහ ළමා ආරක්ෂක අධිකාරියටද මව විසින් පැමිණිල්ලක් සිදු කර ඇත.

මෙම සිද්ධියෙන් කලකිරීමට පත් දැරිය රෝහලෙන් බිමට පැනීමට ද උත්සාහ දරා ඇති අතර එම දැරියට තිබූ මානසික පීඩනය දරාගත නොහැකිව ඇගේ කාමරයේ විවිධ සටහන් ද ලියා ඇති ආකාරය දක්නට තිබූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (12) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.