― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsවතු කම්කරු වැටුප පිළිබඳ අවසන් තීරණය අද

වතු කම්කරු වැටුප පිළිබඳ අවසන් තීරණය අද

වතු කම්කරුවන්ට ලබාදීමට නියමිත රුපියල් 1700ක දෛනික වැටුප සම්බන්ධයෙන් අද (12) දිනයේදී පඩි පාලක සභාව විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහට අවසන් තීරණයක් ලබාදීමට නියමිතය.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1700ක වැටුපක් ලබාදීමට රජය ගත් තීරණය සමඟ දැනට වතු සමාගම් 07ක් එකඟතාව පළ කර තිබෙන බවයි.

පඩි පාලක සභාව ලබාදෙන තීරණවලට වතු සමාගම් එකඟ නොවුනහොත් අවශ්‍ය පරිදි විශේෂ නීති රෙගුලාසි සකස් කර ඒවා ක්‍රියාත්මක කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ වතු කම්කරුවන්ට හිමි වසර ගණනාවක් ගෙවීම් අතපසු කර ඇති සේවක අර්ථසාධක අරමුදල්ද ලබන වසරේ සිට ගෙවීමට කටයුතු කරන බවයි.