27 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිශ්‍රාමිකයින්ගේ තුන්දහසේ දීමනාව ඔක්තෝබරයේ සිට

විශ්‍රාමිකයින්ගේ තුන්දහසේ දීමනාව ඔක්තෝබරයේ සිට

විශ්‍රාමිකයින්ගේ රුපියල් තුන්දහසක අන්තර්කාලීන මාසික දීමනාව හිඟ මුදල් ද සමඟ ඔක්තෝබර් විශ්‍රාම වැටුප සමඟ ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

පසුගියදා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් විශ්‍රාමිකයින් සඳහා පසුගිය අප්‍රේල් මාසයේ සිට ගෙවන රුපියල් 2500 දීමනාවට අමතරව වැටුප් විෂමතා සකස් කරන තෙක් ගෙවීමට නියමිත රුපියල් 3000ක අන්තර් කාලීන දීමනාවක් ලබාදීම පිළිබඳ යෝජනාවය පසුගියදා කැබිනට් අනුමැතිය හිමි වුණා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ් අනුව සැප්තැම්බර් මාසයේ ලැබිය යුතු රුපියල් 3000 ක හිඟ මුදලද සමඟ ඔක්තොම්බර් මාසයේදී විශ්‍රාම වැටුපට රුපියල් 6000 ක් හිමිවන බවයි.

ඉන්පසුව නොවැම්බර් මාසයේ සිට මෙතෙක් ලැබුණු රුපියල් 2500 දීමනාවට අමතරව මෙම අලුතින් ලබාදෙන රුපියල් 3000 ක අන්තර්කාලීන දීමනාව විශ්‍රාමිකයින්ට ගෙවීමට කටයුතු කරනවා.