27.2 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 7ක සුපිරි ජයක්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 7ක සුපිරි ජයක්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය කඩුලු 7කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 145ක් රැස් කළා.

ගේබි ලුවිස් (Gaby Lewis) ලකුණු 39ක් සහ ඕර්ලා ප්‍රෙන්ඩර්ගාස්ට් (Orla Prendergast) ලකුණු 29ක් රැස් කළහ.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉනෝෂි ප්‍රියදර්ශනී කඩුලු 2ක්, උදේශිකා ප්‍රබෝධනී සහ සුකන්තිකා කුමාරි එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

ලකුණු 146ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 16.4කදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 149ක් ලබා එම ඉලක්කය පසුකර යාමට සමත් වුණා.