― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකේරළ ගංජා තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

කේරළ ගංජා තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

යාපනය, අරියාලේ ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 156කට වැඩි ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත මන්නාරම පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් ඉන්දියාවේ සිට රැගෙන ආ කේරළ ගංජා ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

යාපනය සහ කිලිනොච්චි ප්‍රදේශවල පදිංචි 39 සහ 44 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 156කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි වටිනාකම රුපියල් මිලියන 42ක් පමණ වන බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය පවසන්නේ.