ග්‍රාම නිලධාරීන් විසින් දීප ව්‍යාප්තව ආරම්භ කළ වැඩ වර්ජනය අද (13) දෙවැනි දිනටත් ක්‍රියාත්මකයි.
ඔවුන්ගේ අදහස් විමසීමකින් තොරව සේවා ව්‍යවස්ථාවක් ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට විරෝධය පළ කරමිනුයි ඔවුන් මෙම වැඩ වර්ජනය ආරම්භ කර ඇත්තේ.
කෙසේනමුත් හෙට (14) රැස්වී ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත අතර ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ වර්ජනය පැවතිය ද ඉන් මැතිවරණ රාජකාරීවලට බාධාවක් සිදු නොවන බවයි.