― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsමැතිවරණ කොමිසම අවට විශේෂ රථවාහන සැලැස්මක්

මැතිවරණ කොමිසම අවට විශේෂ රථවාහන සැලැස්මක්

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීම අගෝස්තු 15 වැනිදා රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේදී සිදුකිරීමට නියමිතයි.

පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඒ වෙනුවෙන් 15 වැනිදා උදෑසන 8 සිට පස්වරු 2 දක්වා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි.

මෙම කාලය තුළ මැතිවරණ කොමිෂන් සභාවට සහ ඒ අවට ප්‍රදේශයට විශේෂ ආරක්ෂාව සැපයීමටයි රජය තීරණය කර ඇත්තේ.

නාම යෝජනා බාර ගන්නා අවස්ථාවේදී එම ප්‍රදේශය අධි ආරක්ෂක කලාපයක් බවට පත් කෙරෙන අතර කලාපයට ඇතුළුවිය හැක්කේ අවසර ලත් පුද්ගලයන් සහ අවසර ලත් වාහනවලට පමණි.

නාම යෝජනා බාර ගන්නා කාලයේදී සරණ මාවත ආශ්‍රිත රජයේ ආයතන සහ රෝහල් වසා දමන හෙයින් සාමාන්‍ය කටයුතු සහ වෙනත් රාජකාරී සඳහා පැමිණීමෙන් වළකින ලෙස මහ ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.

නාමයෝජනා බාරදීමට ශාලාවට පැමිණිය හැක්කේ අපේක්ෂකයාට සහ තවත් දෙදෙනෙකුට පමණක් වන අතර ඒ අයට විශේෂ අවසර පත්‍ර නිකුත් කර ඇති බවයි කොමිසමේ සභාපතිවරයා පැවසුවේ.

එමෙන්ම තවත් අමුත්තන් තිදෙනකුට මැතිවරණ කොමසාරිස් කාර්යාලයට යාබද ගොඩනැගිල්ලේ රැඳ සිටීමට අවසර දෙනු ලබන අතර සරණ මාවතට ඇතුළු විය හැක්කේ අපේක්ෂකයා රැගෙන එන වාහනයට පමණයි.

අපේක්ෂකයා සරණ මාවතේ අවසාන මාර්ග බාධකය ආසන්නයේදී වාහනය නවතා මැතිවරණ කාර්යාලයට පයින් ගමන් කළ යුතුය.

අපේක්ෂකයන් සමග එන ආධාරකරුවන්ට රැඳී සිටීමට විශේෂ ස්ථාන සලසා ඇති අතර නාම යෝජනා බාරදීමෙන් අනතුරුව පෙළපාලි පැවැත්වීම තහනම් වනවා.