23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsරජයේ සේවකයින්ට සුභ ආරංචියක්

රජයේ සේවකයින්ට සුභ ආරංචියක්

2025 වසරේ ජනවාරි සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම රාජ්‍ය සේවකයින්ගේ වැටුප ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව රාජ්‍ය සේවකයන්ට දැනට ලැබෙන ජීවන වියදම් දීමනාව රුපියල් 25,000 දක්වා ඉහළ නැංවීමට නියමිතයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මීට අමතරව ඔවුන් සඳහා 25% සිට 40% වැටුප් වර්ධකයක් ලබා දීමට ද එමගින් එකතාව පළ වී ඇති බවයි.

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා හිටපු ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්නගේ ප්‍රධානත්වයෙන් පත් කළ විශේෂඥ කමිටුවේ අතුරු වාර්තාවේ නිර්දේශ අනුව මෙම පියවර ගැනීමට නියමිතය.

මෙම වැටුප වැඩි කිරීමට රාජ්‍ය සහ සංස්ථා සේවකයන්ට ද ලැබෙන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

මීට අමතරව එම වැටුප් වර්ධකය සෑම වසර තුනකට වරක්ම යළි සලකා බැලීමට ද අදාළ වාර්තාව මගින් නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

මෙම වැටුප් වර්ධකයන්ට සමගමීව විශ්‍රාමිකයින්ට ද සහන සැලසීමට අදාළ වාර්තාව මගින් නිර්දේශ කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.