23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsරනිල් වතු කම්කරුවන්ව රැවැට්ටුවා - දිගම්බරන්

රනිල් වතු කම්කරුවන්ව රැවැට්ටුවා – දිගම්බරන්

වතු කම්කරුවන්ට රුපියල් 1700ක වැටුප් වැඩිවීමක් දෙන බව පවසා රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව ජනතාව රැවැට්ටූ බව පලනි දිගම්බරන් පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඊයේ දිනයේදී මනූෂ නානායක්කාර, ජීවන් තොන්ඩමන් ඇතුළු පිරිස වතුකරයේ ජනතාවට ඡන්ද ගුණ්ඩුවක් ලබා දුන් බවත් ඉදිරි ජනාධිපතිවරණයේදී ඔවුන් දුන් බොරු මවාපෑම්වලට වතුකරයේ ජනතාව චන්දවලින් පිළිතුරු දෙන බවත් මන්ත්‍රීවරයා එහිදී කියා සිටියා.

සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ ආණ්ඩුවක් ආ විගස වතු කම්කරුවන්ට නිසි පඩියක් ලබාදෙන බව අවධාරණය කළ මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ රනිල් අහිංසක වතු කම්කරුවන් රැවටූ බවත්ය.