27 C
Colombo
Tuesday, October 7, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅධ්‍යාපන අනධ්‍යයන සේවකයින් අකුරට වැඩ

අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් අකුරට වැඩ

අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නියැලීමට තීරණය කර තිබෙනවා.

2016 වසරේ සිට ඔවුන් ඉල්ලූ ඉල්ලීම් සඳහා රජය අවධානය යොමු නොකිරීම හේතුවෙන් හෙට (15) සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවයි අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය පවසන්නේ.

ජාතික අධ්‍යාපන අනධ්‍යයන සේවා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම, ස්ථාන මාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම, තනතුරු නාම වෙනස් කිරීම ඇතුළු තම ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් මෙම ක්‍රියාමාර්ගයේ නියැලෙනවා.