― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsතණමල්විල දැරියගේ සිද්ධිය සැඟවූ තවත් 04ක් අත්අඩංගුවට

තණමල්විල දැරියගේ සිද්ධිය සැඟවූ තවත් 04ක් අත්අඩංගුවට

පසුගියදා තණමල්විල පාසලක ඉගෙනුම ලැබූ 16 හැවිරිදි දැරියක් සමූහ දූෂණයට ලක් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් සිව් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම දැරිය අධ්‍යාපනය ලැබූ පාසලේ විදුහල්පති, ගුරුවරියන් දෙදෙනෙක් සහ එක් ගුරුවරයෙකි.

දැරිය අපයෝජනය කිරීම පිළිබඳව තොරතුරු දැන දැනත් එය වසන් කිරීමේ චෝදනාව යටතේයි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

තණමල්විල පාසලක 11 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පාසල් දැරියක් වසරක් පුරා දූෂණය කළ පාසල් සිසුන් 17 දෙනෙක් සහ ඊට ආධාර අනුබල දුන් කාන්තාවක් පසුගියදා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

එහිදී පොලීසිය විසින් කළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වුණේ පසුගිය වසරේ සිට අවස්ථා රැසකදී, විවිධ ස්ථානවලදී අදාළ දැරිය මෙම සිසුන් විසින් සමූහ දූෂණයට ලක් කර ඇති බවයි.

එලෙස දැරිය අපයෝජනය කරන වීඩියෝ දර්ශන සැකකාර සිසුන් විසින් ලබාගෙන එම දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදා හරින බව පවසමින් දැරිය බිය ගන්වා විවිධ ස්ථානවලට දැරිය රැගෙන ගොස් මෙම අපරාධය සිදු කර තිබෙනවා.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකාර සිසුන්ගේ දෙමාපියන් ප්‍රදේශයේ යම් සමාජ බලයක් හිමි පිරිසක් වන අතර එම නිසා මෙම සිද්ධිය යටපත් කිරීමට පාසලේ විදුහල්පතිවරයා ක්‍රියා කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මව හම්බන්තොට පොලීසියට සිදු කළ පැමිණිල්ලක් මත මෙම සිසුන් 17 දෙනා පළමුවෙන් අත්අඩංගුවට ගනු ලැබුවා.

පොලීසිය සිදු කළ දීර්ඝ විමර්ශනවලින් අනතුරුව සැකකාර විදුහල්පතිවරයා හා ගුරුවරුන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.