28 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතැපැල් ඡන්ද විමසීමේ දින ප්‍රකාශයට පත් කෙරේ

තැපැල් ඡන්ද විමසීමේ දින ප්‍රකාශයට පත් කෙරේ

ලබන මස පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශයට පත්කරන දින ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මැතිවරණ කොමිසම පවසන්නේ තැපැල් ඡන්ද විමසීම සැප්තැම්බර් 04, 05 සහ 06 දින සිදු කිරීමට නියමිත බවයි.

ඒ අනුව තැපැල් ඡන්ද නිකුත් කිරීම හා තැපෑලට භාරදීම මෙම මස 26 වැනිදා සිදුකෙරෙනවා.

එමෙන්ම සලකුණු නොකරන ලද තැපැල් ඡන්ද පත්‍රිකා සඳහා නැවත ලබාදෙන ලකුණු කිරීමේ දිනය සැප්තැම්බර් මස 11 සහ 12 යන දින වෙන්කර තිබෙනවා.