― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsවිෂ වායුවක් ආඝ්‍රහණය වීමෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

විෂ වායුවක් ආඝ්‍රහණය වීමෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

විෂ වායුවක් ආඝ්‍රහණය වීමෙන් මාලඹේ ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ මාලඹේ, ජයන්ති මාවතේ නිවසක් තුළදී විෂ වායුවක් ආඝ්‍රහණය වීමෙන් මෙලෙස පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 65ක සහ 45ක පුද්ගලයන් දෙදෙනෙක් වන අතර ඔවුන් දෙදෙනා යම්කිසි රසායන ද්‍රව්‍ය කිහිපයක් මිශ්‍ර කිරීමට යාමේදී මෙම විෂ වායුව ආඝ්‍රහණය වී තිබෙනවා.

එහිදී ඇතිවූ හුස්ම ගැනීමේ අපහසුතාවය මත ඔවුන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ති බවයි පොලීසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.