26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසජිත් හා පාඨලී ගිවිසුම්ගත වෙයි

සජිත් හා පාඨලී ගිවිසුම්ගත වෙයි

එක්සත් ජනරජ පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඉදිරි ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

එම තීරණය නිල වශයෙන් අද ප්‍රකාශයට පත් කරමින්; පාඨලී චම්පික රණවක සමගි ජන සන්ධානය සමග ගිවිසුම්ගත වුණා.

සමගි ජන සන්ධානයට ජනාධිපතිවරණයේ දී මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ ද සහාය අද හිමිවුණා.

සමගි ජන සන්ධානය නියෝජනය කරමින් එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ එක්සත් ජනරජ පෙරමුණ නියෝජනය කරමින් එහි මහලේකම් බන්දුල චන්ද්‍රසේකර විසින් ඊට අදාළ ගිවිසුම අද පෙරවරුවේ අත්සන් කෙරුණා.

පාඨලී චම්පික රණවක පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ ද සමගි ජන බලවේගය පක්ෂය තුළින්.