සැප්තැම්බර් 22 වැනිදා වනවිට මෙරට 9 වැනි ජනාධිපතිවරයා ලෙස නාමල් රාජපක්ෂ නියත වශයෙන්ම දිවුරුම් දෙන බව පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද (14) නාමල් රාජපක්ෂ වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම සඳහා රාජගිරිය මැතිවරණ කාර්යාලයට පැමිණි අවස්ථාවේදී අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පොහොට්ටුව වෙනුවෙන් සුබ මොහොතින් අද ඇප මුදල් තැන්පත් කළ බවත් නාමයෝජනා භාරදුන් වහාම මැතිවරණ ප්රචාරණ කටයුතු ආරම්භ කරන බවත්ය.