2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 39 දෙනෙකු නාමයෝජනා භාර දී තිබෙනවා.
මැතිවරණ කොමිසම පවසන්නේ නාමයෝජනා සඳහා විරෝධතා දැක්වීම අද පෙරවරු 11.30 න් අවසන් වන බවයි.
මැතිවරණ කොමිසම විසින් ප්රකාශයට පත්කර ඇති ආචාරධර්ම අනුව ක්රියා කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ජනාධිපතිවරණ අපේක්ෂකයින් ඇතුළු සියලු පාර්ශවවලින් ඉල්ලයි.