32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsගුවන් මගීන්ගේ පහසුවට නව බස් රථ සේවාවක්

ගුවන් මගීන්ගේ පහසුවට නව බස් රථ සේවාවක්

කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ කොටුව ප්‍රධාන දුම්රිය ස්ථානය සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය දක්වා නව සුඛෝපභෝගී බස් රථ සේවාවක් අද (15) ආරම්භ කර තිබෙනවා.

සංචාරකයිගේ සහ ගුවන් මගීන්ගේ පහසුව සඳහායි මෙම බස් රථ සේවාව ආරම්භ කර ඇත්තේ.

ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණෙන විදේශිකයින් මෙරට තුළ සංචාරය සඳහා ප්‍රවාහන සේවා ආයතනයක පහසුකම් ලබා නොගන්නේ නම්, ඔවුන් ගුවන්තොටුපොළේ සිට කිලෝ මීටර් 2ක් පමණ දුරින් පිහිටි ඇවරිවත්ත බස් නැවතුම්පොළ වෙත පැමිණිය යුතු වනවා.

ඒ අනුව ගුවන්තොටුපොළෙන් පිටත් වන මෙම බස් රථ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ, අතරමැද නැවැත්වීමකින් තොරව ගමනාන්තය කරා පිවිසෙනවා.

මෙම නව බස් සේවාව සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගම, ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍යාංශය සහ පෞද්ගලික බස් රථ සමාගමක් ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබනවා.

මෙම නව බස් රථ සේවාව සදහා සුඛෝපභෝගී විශාල ප්‍රමාණයේ බස් රථ 10 ක් යොදවා ඇති අතර එක් ගමන් වාරයක් සදහා රුපියල් 3,000 ක මුදලක් එක් මගියෙකුගෙන් අය කෙරෙනවා.