― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsජනකගෙන් අල්ලස් ඉල්ලූ ලේකම් 27 දක්වා රිමාන්ඩ්

ජනකගෙන් අල්ලස් ඉල්ලූ ලේකම් 27 දක්වා රිමාන්ඩ්

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායකගෙන් රුපියල් මිලියන 30 ක අල්ලසක් ඉල්ලූ චෝදනාවට අත්අඩංගුවට ගත් ‘එක්සත් ලංකා පොදුජන පක්‍ෂයේ’ සභාපති සහ ලේකම්වරයා රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව එම සැකකරුවන් එළඹෙන 27 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමටයි අධිකරණය නියම කළේ.

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන අංශයට පැමිණිලි කර තිබුණේ එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වයට තරග කිරීමට අවශ්‍ය නම් රුපියල් මිලියන 30ක අල්ලස් මුදලක් ලබාදෙන ලෙසටයි.

තමාගෙන් අල්ලස් ඉල්ලූ එම සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති අපේක්ෂක ජනක රත්නායක මහතා ඊයේ දිනයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා අංශයට පැමිණිල්ලක් සිදු කර තිබූ අතර එම සිදුවීමට අදාළ ව පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කළා.

එහිදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ චූදිත පාර්ශ්වයේ ප්‍රධානතම සැකකරුවන් දෙදෙනා වන එක්සත් ලංකා පොදුජන පක්ෂයේ සභාපතිවරයා සහ ලේකම්වරයා අගෝස්තු 27 තෙක් රිමාන්ඩ් භාරයේ තබා ගන්නා ලෙසයි.

සෙසු සැකකරුවන් සයදෙනා ඇප මත මුදා හැරීමට නියෝග කෙරුණු අතර ඔවුන් රුපියල් ලක්ෂ 20 බැගින් වූ පුද්ගල ඇප මත නිදහස් කිරීමටයි නියම කෙරුණේ.