― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsරනිල්ට හංසයා ඇතුළු පක්ෂ කිහිපයක සහාය

රනිල්ට හංසයා ඇතුළු පක්ෂ කිහිපයක සහාය

එළඹෙන ජනාධිපතිවරණයේ දී තම සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලබාදීමට තීරණය කළ බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පවසනවා.

එම පක්ෂයේ ලේකම් ශාමලී පෙරේරා පැවසුවේ රට ඉදිරියට ගෙන යාමට සිටින එකම නායකයා රනිල් වික්‍රමසිංහ බවට විශ්වාස කරන හෙයින් සිය පක්ෂයේ සහාය ජනාධිපතිවරයා වෙත ලබාදීමට තීරණය කළ බවයි.

සැප්තැම්බර් මස 21 වැනි දින පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට හංසයාගේ සහාය ද හිමි ව තිබෙනවා.

ඊයේ පස්වරුවේ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක පැවති මාධ්‍ය හමුවක දී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම්වරයා මේ බව සඳහන් කළ අතර ඔහු කියා සිටියේ පෙර පැවති ජනාධිපතිවරණ තුනේදීම තම පක්ෂය අපේක්ෂකයින් සඳහා නාමයෝජනා භාර දුන් බවත්, 2015 වර්ෂයේ දී සිය පක්ෂ‍යේ පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කළ බවයි.

මේ අතර නව සන්ධානයේ පූර්ණ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට ලබා දීමට තීරණය කර තිබෙනවා.

එම පක්ෂයේ සාමාජික අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් ඊයේ අභයාරාම විහාරස්ථානයට ගොස් වැඳ පුදා ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසුවේ රට ඇදවැටී තිබූ ආර්ථික ආගාධයෙන් වසර දෙකකුත් මාස කිහිපයක් තුළ යම්තාක් දුරකට ගොඩගෙන, ණය අර්බුදයට නිසි වැඩපිළිවෙළක් සැකසූ එකම නායකයා රනිල් වික්‍රමසිංහ බවත්; එම විශ්වාසය මත මෙවර සිය නව සන්ධානයේ සහාය වත්මන් ජනාධිපතිවරයා හට ලබාදීමට තීරණය කළ බවයි.

එමෙන්ම ජාතික කොංග්‍රසයේ නායක දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එල්. එම්. අතාවුල්ලා ඇතුළු එම පක්ෂයේ නියෝජිතයින් ඉදිරි ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපතිවරයා හට සහාය පළ කිරීමට තීරණය කර තිබෙන බවට වාර්තා වනවා.

මේ අතර හිටපු අමාත්‍ය රවී කරුණානායකගේ සහාය ද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හට හිමිව ඇති අතර දේශප්‍රේමී ජන බලවේගය පක්ෂයේ නායක සුගත් හේවාපතිරණ ඇතුළු එම පක්ෂයේ නියෝජිත පිරිසක් ද ජනාධිපතිවරයා හට සහාය ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඔවුන් අද පෙරවරුවේදී සිය අවසන් තීරණය සම්බන්ධයෙන් නිල වශයෙන් දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.