27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඑක්දින තරගාවලියේ ජය අයර්ලන්තයට

එක්දින තරගාවලියේ ජය අයර්ලන්තයට

ශ්‍රී ලංකාව සහ අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය ඊයේ (18) පැවැත්වුණා.

එහිදී අයර්ලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 15ක ජයක් ලබාගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුව පන්දු රැකීමටයි තීරණය කළේ.

අයර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් රැස් කළ අතර ලකුණු 256ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 240ක් ලබාගත්තා.

එහිදී දක්ෂ පිතිකරණයක නිරත වූ හර්ෂිතා සමරවික්‍රම පන්දු 124කදී ලකුණු 105ක් ලබා ගනිමින් සිය මංගල ශතකය වාර්තා කළා.

කවීෂා දිල්හාරි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලකුණු 53ක් ලබා ගත්තා.