26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකටුනායකින් ඇරඹූ සුඛෝපභෝගී බස් සේවයටත් තිත

කටුනායකින් ඇරඹූ සුඛෝපභෝගී බස් සේවයටත් තිත

පසුගියදා කටුනායක ගුවන්තොටුපොළේ සිට ගමන් ආරම්භ කළ සුඛෝපභෝගී බස් රථ සේවාව (AirPort Terminal Shuttle Service) තාවකාලිකව නවතා දමා තිබෙනවා.

මෙම නව බස් රථ සේවාව පසුගිය 15 වැනිදා කටුනායක ගුවන් තොටුපොළේ සිට කොළඹ, කොටුව දුම්රිය ස්ථානය වෙත සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත ගමන් ආරම්භ කළා.

කෙසේනමුත් මෙම නව බස් රථ සේවාව ආරම්භ කළ සැනින් ඊට එරෙහිව ගුවන් තොටුපොළ – කොටුව පෞද්ගලික සුඛෝපභෝගී බස් රථ සංගමය විරෝධතා ඉදිරිපත් කරමින් බස් රථ වර්ජනයක් ද ආරම්භ කර තිබුණා.

ඊට අමතරව ඔවුන් ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය, මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙත ගොස් සිය විරෝධතා ඉදිරිපත් කරනු ලැබුවා.

මෙම විරෝධතා ව්‍යාපාරයට කටුනායක ගුවන් තොටුපොළ කුළී රථ ධාවන සංගම් ද සහයෝගය පළ කර තිබූ අතර මේ සියල්ල සලකා බලා මෙම බස් රථ සේවය තාවකාලිකව නවතා දැමීමටයි පියවර ගෙන ඇත්තේ.