ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (19) කැලණිය විද්‍යාලංකාර පිරිවෙනේ විහාරාධිපති හිමියන් බැහැදුටුවා.
එහිදී ඔවුන් සෙත් පිරිත් සජ්ජායනයකට ද එක් වුණා.
එමෙන්ම නාමල් රාජපක්ෂ ඊයේ (18) අලුත්ගම ඓතිහාසික කන්ද විහාර රජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තා.
මෙම අවස්ථාවට කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණ කුමාර, ප්‍රාදේශීය දේශපාලඥයන් පිරිසක් සහභාගි විය.





