― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපාර්ලිමේන්තුවේ සිටින සොරුන් ඉවත් කළ යුතුයි - ෆොන්සේකා

පාර්ලිමේන්තුවේ සිටින සොරුන් ඉවත් කළ යුතුයි – ෆොන්සේකා

ජනාධිපතිවරයා සතු විධායක බලතල ඉවත් නොකළ යුතු බවත් එම තනතුරට සුදුසු පුද්ගලයෙකු පත් වී පාර්ලිමේන්තුවේ සිටින සොරුන් ඉවත් කර දූෂණය සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන පිරිසිදු කළ යුතු බවත් ජනාධිපති ධුර අපේක්ෂක සරත් ෆොන්සේකා පවසනවා. 

හෙතෙම මේ බව කියා සිටියේ අද (19) ඓතිහාසික රුවන්වැලි සෑ රදුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

දූෂිත දේශපාලන සංස්කෘතියේ ප්‍රතිඵල හේතුවෙන් මේ වන විට රටම ගිලගෙන ඇති බවත් මෙම තත්ත්වයෙන් මිදීමට පක්ෂ වලට වහල් නොවී ස්වාධීනව සහ බුද්ධිමත්ව කටයුතු කර ජාතික නායකයන්ට රට භාරදීමට සියලු දෙනා කටයුතු කළ යුතු බවයි සරත් ෆොන්සේකා එහිදී කියා සිටියේ.

එකම කණ්ඩායම් විවිධ දේශපාලන පක්ෂ නිර්මාණය කර ගනිමින් ජනතාව ළඟට පැමිණියද ඔවුන්ගේ මානසිකත්වය වෙනස්වී නොමැති බවත් මොවුන් කිසිවිටක රට ගැන හෝ රටේ අනාගතය ගැන පිළිබඳව සිතා කටයුතු නොකරන බවත් ඔහු අවධාරණය කළේය.

සමගි ජන බලවේගයේ දොරගුළු විවෘත කරමින් ඕනෑම සොරෙකුට වුවද පක්ෂයට එක්වීමට අවස්ථා උදාකරිම හේතුවෙන් තමන්ට එම පක්ෂය තුළ අභිමානයෙන් යුතුව කටයුතු කිරීමට හැකියාවක් නොමැති හෙයින් තමන් ඉන් ඉවත් වූ බවත් පරිණත බව හා නායකත්වය ලබාදීමට නොහැකි පුද්ගලයන් ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසු නොමැති බවත් සරත් ෆොන්සේකා එහිදී සඳහන් කළා.