― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමේ පාර මැතිවරණ ලකුණත් රනිල්ට වාසි විදියට ලැබී තිබෙනවා - සාගල

මේ පාර මැතිවරණ ලකුණත් රනිල්ට වාසි විදියට ලැබී තිබෙනවා – සාගල

බංකොලොත් වූ රට භාර ගැනීමට කෙනෙක් ඉදිරිපත් නොවූ බවත් රනිල් වික්‍රමසිංහ දෙවරක් නොසිතා එම වගකීම භාරගෙන වැටුණු රට යළි ගොඩ නැගූ බවත් එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (19) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති කලාප සංවිධායකයින්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමිනි.

ගෑස් සිලින්ඩරය යනු ජනාධිපතිවරයා බලයට පත් වී විසඳූ දෙවැනි ප්‍රශ්නය බවත් මේ මැතිවරණයේදී එම ලකුණත් ජනපති රනිල්ට වාසි සහගතව ලැබී ඇති බවත් ඔහු කියා සිටියා.

ඒ හේතුවෙන් මෙවර ජනාධිපතිවරණයේදී මහ ජනතාව එක්ව ගෑස් සිලින්ඩරය දිනවන්නට වැඩ කටයුතු කළ යුතු බවයි ඔහු පවසන්නේ.

මේ රට භාරගන්න කෙනෙක් නැතිවුන වෙලාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය ඇතුළත රට භාරගන්න අවශ්‍ය වෙන්නේ ඊළඟට ඉන්න විපක්ෂයේ නායකවරයායි. ඔහු ඒ වගකීම බාරගත්තේ නැහැ. ඊළඟට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ඉන්න අයට ඊළඟට ඒ ගැන වගකීමක් තිබෙනවා. ඒ කිසිම කෙනෙක් බාරගත්තේ නැති නිසා ජ්‍යෙෂ්ඨතම සහ පරිණතම නායකයාට ඊළඟට ආරාධනා කළා. ඔහු ඒ වගකීම චකිතයකින් තොරව භාර අරගෙන, නීතිය හා සාමය ස්ථාපිත කරලා, රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කරලා ඉතාම හොඳ ගමනක් ඇවිල්ලා තිබෙනවා. ප්‍රථම කාර්ය විදිහට මේ රටේ තිබුණ ප්‍රශ්න එකිනෙක එතුමා විසඳුවා. මේ රටේ ඉන්ධන ප්‍රශ්නය විසඳලා අවසන් කළා. ඉන්පස්සේ ගෑස් ප්‍රශ්නය විසඳුවා. බෙහෙත් හිඟය ක්‍රමිකව අඩු කරලා, භාණ්ඩ මිල ක්‍රමිකව අඩු කරලා, සියයට 76%ක තිබුණ උද්ධමනය අද සියයට දෙක දක්වා අඩු කරන්නට හැකියාව ලැබිලා තිබෙනවා. රුපියල් 380ට එහා තිබුණු ඩොලරය අද රුපියල් 300ට අඩු මට්ටමකට ගෙන ඒමට හැකියාව තැබිලා තියෙනවා. රුපියල ශක්තිමත් වීම නිසා අපේ ජීවන වියදම අඩුවෙනවා. භාණ්ඩ මිල අඩුවෙනවා. 34% ක් තිබුණු බැංකු පොලිය අද සියයට දොළහ දක්වා අඩුවෙලා තිබෙනවා. තැන්පතුකරුවාට යම් ප්‍රමාණයක අලාභයක් සිදු වුණත් ණය ගැනීම්වලදී විශේෂ වාසියක් අත්වෙනවා.

ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ ගිවිසුම්ගත වීම නිසා අපිට අපේ ආර්ථික ස්ථායීතාවය, ජාත්‍යන්තර සහයෝගීතාවය සහ විශ්වාසය ඇතිකර ගැනීමට හැකියාව ලැබිලා තිබෙනවා. විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය වැඩි දියුණු වෙලා. ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය ස්ථාවරත්වය පිළිබඳ හොඳ අවබෝධයක් ඒ රටවල්වලට ලැබිලා, ගිය වසරට සාපේක්ෂව දෙගුණයක් සංචාරකයින් පැමිණීමත් සමග ලක්ෂ විසිපහක පමණ සංචාරකයින් ප්‍රමාණයක් මේ වසර අවසන් වන විට පැමිණෙයි කියා අපි බලාපොරොත්තු වෙනවා.

දැන් අපි ටික ටික 2018 මට්ටමට අපේ ආර්ථිකය ගෙනත් තිබෙනවා. අපි ආදායම් වැඩිකර ගැනීමට අවශ්‍යයි. දේශීය නිෂ්පාදනය ඉහළ දැමීම ආරම්භ කර තිබෙනවා. ඒවගේම අපේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් අපි පාවිච්චි කළ යුතු වෙනවා. ඒ වගේම ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය නීති රීති ශක්තිමත් කරලා තිබෙනවා. ආර්ථික පරිවර්තන පනත සම්මත කරලා පාලකයා කවුරු වුණත් ස්ථාවර රටක් නිර්මාණය කිරීමට හැකියාව ලැබෙනවා. 1968 ජේ. ආර් ජයවර්ධන මහා කොළඹ ආර්ථික කොමිසම ඉදිරිපත් කරනවා. එදා ආර්ථිකය ඒ සමග ගොඩනැගුණා. ඇඟලුම් කර්මාන්තශාලා බිහිවුණා. රැකියා ඇතිවුණා. දේශීය අපනයනය වර්ධනය වුණා. ඒ වගේ අනෙකුත් අපනයන නිෂ්පාදන සාර්ථකව බිහිවුණා. අපනයන ආදායම ඉහළ ගියා. එදා ක්‍රමිකව වෙළඳසැල් බිහිවෙලා ත්‍රීරෝද රථ ඇවිල්ලා ආර්ථිකය ප්‍රසාරණය වෙලා, අලුත් විවෘත ආර්ථික පදනමක් රට තුළ ගොඩනැගුණා. ඒ වගේම වර්තමානය තුළ නැවතත් ආයෝජකයින්ට පහසු වෙන වඩා සුබදවාදී ප්‍රවේශ පහසු ක්‍රමවේද ස්ථාපිත කිරීම අපි ආරම්භ කරල තිබෙනවා.

එළඹෙන්නේ විශේෂ මැතිවරණයක්. මින් පෙර අපි වැඩ කරපු නැති පාර්ශව කිහිපයක් එක්ක එක්වෙලා අපි මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවනවා. පක්ෂවලට බෙදිලා ගහ මරාගන්නැතිව මැතිවරණයක් කරන්නට අපිට හැකියාව තිබෙනවා. මේ වේදිකාවේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිම් මට්ටමේ ඉන්න යෝධ නායකයින් ඉන්නවා. මේ ඉන්න නායකයින්ට අමතරව අපිත් එක්ක එකඟතාවයක් නොමැතිව ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයට උදව් කරන විශාල පිරිසක් ඉන්නවා. ඒකාබද්ධ මැතිවරණ කමිටුවක් හැම ඡන්ද මධ්‍යස්ථානයකටම අපි විවෘත වෙනවා. එහෙම එකතු වෙලා වැඩ කරන්න කැමති නැති කවුරුහරි ඉන්නවා නම්, තනි තනි වශයෙන් වුනත් තමන්ගේ වැඩපිළිවෙළ ගෙනිහිල්ලා ගෑස් සිලින්ඩරය දිනවන්නට වැඩ කටයුතු කළ හැකි වෙනවා.

ගෑස් සිලින්ඩරේ කියන්නේ ජනාධිපතිතුමා බලයට පත්වෙලා මේ රටේ විසඳපු දෙවැනි ප්‍රශ්නය බව අපි හැමෝම දන්නවා. ඒ නිසා ඒ ලකුණත් අපිට වාසි සහගතව මේ මැතිවරණයේදී ඉදිරිපත් වෙලා තිබෙනවා.”