28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයාපනය බන්ධනාගාරයේදී රැඳවියෙක් හදිසියේම මියයයි

යාපනය බන්ධනාගාරයේදී රැඳවියෙක් හදිසියේම මියයයි

යාපනය බන්ධනාගාරයේ රැඳවියෙක් හදිසියේම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම රැඳවියා බන්ධනාගාරය තුළදී හදිසියේ අසනීප වී ඇති අතර ඔහු යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (18) ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක් බවයි බන්ධනාගාර ආරංචිමාර්ග පවසන්නේ.

මුදල් ආරවුලක් සම්බන්ධයෙන් වූ නඩුවකදී මොහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර එහිදී ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙනුයි මොහු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.