32 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසංස්කෘතිය විදහා දැක්වූ සරුංගල් සැනකෙළියක් නුවරඑළියේදී

සංස්කෘතිය විදහා දැක්වූ සරුංගල් සැනකෙළියක් නුවරඑළියේදී

ශ්‍රී ලාංකීය සංස්කෘතික උරුමයන් ප්‍රදර්ශනය කරන සරුංගල් ගුවන් සංදර්ශනයක් පසුගිය ඊයේ සහ පෙරේදා දිනයන්හි දී පැවැත්වුණා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ Sri Lanka Heritage International Air Kite Show 24 මැයෙන් නුවරඑළිය මහ නගර සභාව මගින් මෙම ජාත්‍යන්තර සරුංගල් ගුවන් සංදර්ශනය ග්‍රෙගරි වැව සිව්වැනි අදියරයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබූ බවයි.

‘යුද්ධයෙන් තොර ලොවක් සඳහා පෙළ ගැසෙමු’ යන තේමාව පෙරටුකොට ගනිමින් මෙම සරුංගල් ගුවන් සංදර්ශන වැඩසටහන සඳහා මාර්ගෝපදේශනය ලබා දී ඇත්තේ රාවණා ගුවන් සරුංගල් සංගමය විසින්.

සරුංගල් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ලෙස සලකන යාපනය වැල්වැටි තුරේ ප්‍රදේශය හා දිවයිනේ නන් දෙසින් සරුංගල් ක්‍රීඩාවේ නියැලී සිටින ක්‍රීඩක ක්‍රිඩිකාවන් විශාල පිරිසක් සරුංගල් ගුවන් සංදර්ශනය සඳහා සහභාගි වූ බවත් වාර්තා වනවා.

පළමු දින සරුංගල් නිර්මාණය කිරීමේ වැඩසටහන සහ දෙවන දිනයේ සරුංගල් ගුවන්ගත කිරීමේ ගුවන් සංදර්ශනය පැවති අතර ජයග්‍රාහී ස්ථාන 10ක් තෝරා ගෙන එහි 10 වන ස්ථානයේ සිට සිව්වන ස්ථානය දක්වා මූල්‍ය ත්‍යාග ද තෙවන ස්ථානයේ සිට ප්‍රථම ස්ථානය දක්වා රුපියල් ලක්ෂ දෙකක් වටිනා වූ මවුන්ටන් බයිසිකල් ද ත්‍යාග වශයෙන් ලබාදීමට මෙහිදී
කටයුතු කර තිබීම ද විශේෂත්වයක්.