28.4 C
Colombo
Tuesday, January 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccident17 හැවිරිදි තරුණයෙක් ටිපර් රථයකට බිලිවෙයි

17 හැවිරිදි තරුණයෙක් ටිපර් රථයකට බිලිවෙයි

මීගොඩ ප්‍රදේශයේදී ටිපර් රථයකට යටවීමෙන් 17 හැවිරිදි සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ මීගොඩ, බෙරකැටිය මාර්ගයේදී යතුරු පැදියක් පදවාගෙන යමින් සිටි 17 හැවිරිදි සිසුවෙක් මෙලෙස ටිපර් රථයකට යට වී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මීගොඩ, දාම්පේ ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයෙක්.

ටිපර් රථය මොරගහහේන දෙස සිට මීගොඩ දෙසට ධාවනය වීමේදී ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් යතුරුපැදිය පදවාගෙන පැමිණි තරුණයා එහි බඳී ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරෙන් බරපතල තුවාල ලැබූ සිසුවා හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

අනතුරින් පසු පලා ගිය ටිපර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.