26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅයිස් මත්ද්‍රව්‍ය සමඟ අයෙක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සමඟ අයෙක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනුරාධපුර මූලස්ථාන පොලිසියට ලද තොරතුරක් මත අනුරාධපුර  ජයන්ති මාවත, කෝවිල් අතුරු මාර්ගයේදී අනුරාධපුර දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් වැටලීමක් සිදු කර තිබෙනවා.

එහිදී යතුරුපැදියකින් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

ඔහු සන්තකයේ තිබී ග්‍රෑම් 30ක් හමු වී ඇති අතර පොලීසිය පැවසුවේ මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් හාරලක්ෂ අසූදහසක් පමණ වන බවයි.

මෙලෙස අත්අඩංගුවට පත් පුද්ගලයා මීට පෙරද මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අධිකරණයෙන් වරදකරුවකු වූ පුද්ගලයෙකු බවයි අනාවරණය වී ඇත්තේ.

මොහු අනුරාධපුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.