32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් අද අධිකරණයට

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් අද අධිකරණයට

පසුගියදා අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ‘ක්ලබ් වසන්ත’ ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 11 දෙනා අද (20) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබුවා.

ඔවුන් මෙලෙස අධිකරණයට රැගෙන එන අවස්ථාවේදී දැඩි ආරක්ෂාවක් යොදවා ඇති අයුරු දක්නට ලැබුණා.

අප වාර්තාකරු පැවසුවේ සැකකරුවන් අධිකරණයට රැගෙන එනු ලැබූ බන්ධනාගාර බස් රථය ඉදිරිපිටින් සහ පිටුපසින් ජීප් රථ දෙකක්, ගිනි අවි සහිත පොලිස් විශේෂ කාර්ය බලකා නිධාරීන් ද යොදවා ආරක්ෂාව තර ක්ජර තිබූ බවයි.

පසුගිය ජුලි මස 08 වැනිදා මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක් වන සන්හිල් සමූහයේ අධිපති ක්ලබ් වසන්ත ඝාතනයට ලක් වූයේ අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්ව සිටි අවස්ථාවේදී යි.

ක්ලබ් වසන්ත හා නයන වාසුල නමැති දෙදෙනකු මෙම වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ අතර මෙරට සුප්‍රසිද්ධ ගායන ශිල්පිනියක් වන කේ. සුජීවා, ක්ලබ් වසන්තගේ බිරිඳ ඇතුළු සිව්දෙනෙකු බරපතළ තුවාල ලැබුවා.

කෙසේවෙතත් මෙම සිද්ධියට සම්බන්ධ ටැටූ ආයතනයේ හිමිකරු වන දුලාන් සංජු නමැත්තා, ඝාතනයට සහාය දුන් කාන්තාවක් ඇතුළු 11 දෙනෙකු වරින් වර අත්අඩංගුවට ගැනුණු අතර එම සැකකරුවන් 11 දෙනා අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.