26.7 C
Colombo
Tuesday, August 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඡන්ද හිමියෙකුට වැය කළ යුතු මුදල දක්වමින් ගැසට්ටුවක්

ඡන්ද හිමියෙකුට වැය කළ යුතු මුදල දක්වමින් ගැසට්ටුවක්

ජනාධිපති අපේක්ෂකයෙකුට මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී එක් ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල සඳහන් කරමින් විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

එලෙස වියදම් කළ හැකි මුදල රුපියල් 109ක් බව දක්වමින් මැතිවරණ කොමිසම විසින් ඊයේ (19) රාත්‍රියේදීයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ලියාපදිංචි එක් ඡන්ද හිමියෙකු වෙනුවෙන් රුපියල් 109කට නොවැඩි මුදලක් එක් අපේක්ෂකයෙකු විසින් සිය මැතිවරණ ප්‍රචාරක වියදම් ලෙස යුතු බවයි එම ගැසට් නිවේදනයේ දැඛ්වෙන්නේ.

‍සියලු පිළිගත් දේශපාලන පක්ෂ අපේක්ෂකයින්, වෙනත් දේශපාලන පක්ෂ අපේක්ෂකයින් සහ ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි මෙම වියදම් සීමාවන් තීරණය කර ඇත්තේ.