28 C
Colombo
Monday, December 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කරලා

තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කරලා

පොල්ලකින් සහ තියුණු ආයුධයකින් පහර දී පෑලියගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා.

පෑලියගොඩ පොලීසිය පැවසුවේ පෙරේදා (18) පෑලියගොඩ, නාරම්මිණිය ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදු වී ඇති බවයි.

පහරදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදීයි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කැලණිය, නාරම්මණිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි අයෙක් බවයි පොලීසිය පැවසුවේ.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පුද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදු කර ඇති බවයි.

පෑලියගොඩ පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ අදාළ සිද්ධියට සම්බන්ධ 24 හැවිරිදි කොට්ටුකච්චය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.