28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදරුවන් අතර පැතිරෙන රෝගයක් ගැන දැනුම්දීමක්

දරුවන් අතර පැතිරෙන රෝගයක් ගැන දැනුම්දීමක්

පසුගිය දින කිහිපය තුළ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

මේ දිනවල ළමුන් අතර ඇදුම රෝගය ඉහළ ගොස් ඇති බව පැවසූ වෛද්‍යවරයා අවධාරණය කළේ කැස්ස, හෙම්බිරිසාව, උණ වැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් දරුවන් නිවසේම තබාගන්නා ලෙසයි.

එමෙන්ම ඉන්ෆ්ලුවෙන්සාවට සමාන වෛරස් උණ කිහිපයක් පැතිරී ඇති බවත් විශේෂයෙන් ඉහළ ශ්වසන මාර්ගයේ වෛරස් උණ පැතිරීම දක්නට ලැබෙන බව වෛද්‍යවරයා කියා සිටියා.

වෛද්‍යවරයා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ එවැනි රෝග ලක්ෂණ ඇත්නම් මුව ආවරණයක් පළඳවන ලෙසත් දරුවන් හැකිතාක් ප්‍රවේසමෙන් බලාගන්නා ලෙසත්ය.