29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsAccidentබස් - පාපැදි අනතුරකින් පාපැදිකරු ජීවිතක්ෂයට

බස් – පාපැදි අනතුරකින් පාපැදිකරු ජීවිතක්ෂයට

Update -පානදුර නගරයේදී අද (20) උදෑසන ලංගම බස් ‍රථයේ ගැටුණු පාපැදිකරුවා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔහු කොළඹ ජාතික රෝහලේ වැඩිදුර ප්‍රතිකාර ලබමින් සිටියදීයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

—————

පානදුර නගරයේදී අද (20) උදෑසන පාපැදියක් ලංගම බස් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ නෑබඩ සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථය පානදුර නගරයට ආසන්නයේදී මාර්ගය හරහා ගමන් ගත් පා පැදිකරුවෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ පාන්දුර පින්වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවයි අපවාර්තාකරු සඳහන් කළේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ පාපැදිකරු පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහුගේ තත්ත්වය බරපතල බැවින් කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

බස් රථ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය සහ පාපැදිකරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතු වී ඇති බවයි පොලීසිය පවසන්නේ.